රත්නපුර අයගම ප්‍රාදේශීය සභාවේ සහ වව්නියාව, චෙන්ගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය ඊයේ (25දා) සමත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමිවූ වව්නියාව චෙන්ගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි විය.
වව්නියාව චෙන්ගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති ඊයේ (25දා) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ටී. ඉම්තියස් මහතා එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර අයගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි විය.
රත්නපුර අයගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති ඊයේ දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ උපුල් පියසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
අකිත පෙරේරා