ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්ලය අද (26 දා) රාත්‍රි 8ට පැවැත්වෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.
අද රාත්‍රි ආරම්භ වන පෙරහැර මහා වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණ පෙරහැර අවසන් වන බව සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා සඳහන් කළේය.
අද ආරම්භ වන පෙරහැර මංගල්ලය පුරා දින 15 ක් පවත්වා ජුලි 10 වැනිදා අවසන් වෙයි.
මේ වන විට පාද වන්දනාව මගින් බැතිමතුන් 19678 දෙනකු කුමන හා යාල වන උද්‍යානය ඔස්සේ පැමිණෙමින් ඇත.
කතරගම කේ.ඩී. දේවප්‍රිය