Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කඩවත පොලිසියට යාබද ඉන්ධනහලින් සොරාගත් ලක්‍ෂ 22ක මුදලින් පොම්පකරු සූදු කෙළලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කඩවත පොලිසියට යාබද ඉන්ධනහලින් සොරාගත් ලක්‍ෂ 22ක මුදලින් පොම්පකරු සූදු කෙළලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කඩවත පොලිසියට යාබද ඉන්ධනහලින් සොරාගත් ලක්‍ෂ 22ක මුදලින් පොම්පකරු සූදු කෙළලා

June 26, 2025
120 Views

කඩවත නගරයේ පොලිසියට යාබදව පිහිටි ඉන්ධන පිරවුම් හලේ සිදුව තිබූ රුපියල් විසිදෙලක්ෂ අසූහතර දහසක මුදල් සොරකම සම්බන්ධයෙන් එම ඉන්ධන පිරවුම් හලේ පොම්පකරුවකු ලෙස සේවයේ නිරතව සිට ඇති 31 හැවිරිදි පුද්ගලයා කඩවත පොලිසියේ නිලධාරීන් විසින් ඉකුත් 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ කඩවත, ගෝනහේන ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ කාමරයක ඇඳක් යට සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු ඉකුත් 23 වැනිදා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සැකකරු අන්තර්ජාලය හරහා මුදල් යොදවා කරන සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වූවකු බවත්, ඉන්ධන පිරවුම් හලෙන් සොරාගත් රුපියල් 22,84,000ක මුදලද එම සූදුවට යොදවා ඇති බව සැකකරු සන්තකයේ තිබූ මුදල් ගෙවූ රිසිට් පත්වලින් තහවුරු වූ බවත් පොලිසිය පැවසීය. පසුගිය 19 වැනිදා එම ඉන්ධන පිරවුම් හලේ කළමනාකරු විසින් කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය පෞද්ගලික ඔත්තුකරුවන් යොදවමින් ඒ වනවිට ඉන්ධන පිරවුම්හලේ රැකියාව හැර පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පැතිකඩ කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව සැකකරු පදිංචිව සිටි කඩවත ගෝනහේන ප්‍රදේශයේ කුලී නිවසේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.

අත්අඩංගුවට පත්වන මොහොතේ රුපියල් දහසක පමණ මුදලක් ඔහු සතුව තිබී ඇති අතර සේවා ස්ථානයෙන් මංකොල්ල කෑ මුදල් සියල්ල සැකකරු අන්තර්ජාල සූදු ක්‍රීඩාවට යෙදවූ බව ඒ සඳහා ලද කුවිතාන්සිද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් පොලිසියට ප්‍රකාශ කර ඇත.

පළමු විවාහයෙන් වෙන්වී අනියම් බිරිඳ සමඟ ජීවත් වන බව කියන මෙම සැකකරු ගෝනහේන ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇත.

කඩවත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍ර.පො.ප. විතානආරච්චි මහතාගේ මූලික උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. සමරනායක, පො.කො. වරුන් වන (66735) සම්පත්, (40423) ලැනරෝල්, (76914) අසේල, (94038) ජයවික්‍රම, (101368) උදයංග යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok