විදුලි බිල වැඩිකිරීම හා උද්ධමනය ඉහළ යෑමට විරෝධය පළකරමින් ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ විරෝධතාවක් පෙරේදා (24 දා) රාත්‍රියේ ඌවපරණගම, රතඹ ප්‍රදේශයේදී පැවැත්විණ.
පන්දම් දල්වා ගනිමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූ අතර රාත්‍රී 7.30ට පමණ මෙම විරෝධතාව ආරම්භ කෙරිණ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්වලට යටත්ව වත්මන් රජය විසින් විදුලි බිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවත් මෙහිදී විරෝධතාවට එක්වූවන් පැවසීය. පැයක පමණ කාලයක් මෙම විරෝධතාව පැවැත්විණ. මේ සඳහා ජන අරගල සන්ධානයේ
ඌවපරණගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද පුෂ්පකුමාර, ජන අරගල සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික වසන්ත අබේකෝන් මහතා ඇතුළු පාක්ෂිකයන් පිරිසක් එක්ව සිටියහ.
බොරලන්ද – සමන්ත කුමාර