ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ළඟ තිබිලා
කැස්බෑව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මියගිය නගරාධිපතිවරයකුගේ පුත්‍රයකු ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක්, ව්‍යාජ ජාතික හැඳුනුම් පතක් සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු පිළියන්දල, මඩපාත, මාකන්දන පදිංචි 39 වන වියේ පසුවන්නෙකි.
ගල්කිස්ස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ හැඳුනුම් පත නැති වූ බවට මාතර පොලිසියට කරන ලද පැමිණිල්ලේ පිටපත ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් පොලිසිය පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාජ ලේඛන හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල, කාලියම්මහර ප්‍රදේශයේ පදිංචි, වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සම්බන්ධීකරණ ලේකම්වරයකු සකසා දී ඇති බව අනාවරණය කරගෙන ඇත. එසේම මෙම සැකකරු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය උපයෝගි කර ගනිමින් 2008.09.15 – 2016 – 06-15 අතර කාලය තුළදී කොරියාවේ වසර 4ක් ද, ඕමාන් රාජ්‍යයට වරින් වර දෙවරක් සංචාරය කර ලංකාවට පැමිණ ඇති බව ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරු නඩු භාණ්ඩ සමග කැස්බෑව පොලිසියට භාර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නිලන්ත ගමගේ, උ පො. ප. කුමාරසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන (30177) සංජීව, (99142) ජයතිස්ස, (102020), බණ්ඩාර (102022) කරුණාරත්න, පො. කො. සහ රියැදුරු (98970) සදියන් යන නිලධාරීන් පිරිස සිදුකරනු ලබති.
පින්සිරි ආරියරත්න – රත්මලාන