Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සංචාරක පක්ෂීන්ගේ හා දේශීය පක්ෂීන්ගේ වාසස්ථාන අහිමි වන ලකුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සංචාරක පක්ෂීන්ගේ හා දේශීය පක්ෂීන්ගේ වාසස්ථාන අහිමි වන ලකුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

සංචාරක පක්ෂීන්ගේ හා දේශීය පක්ෂීන්ගේ වාසස්ථාන අහිමි වන ලකුණු

June 24, 2025
713 Views

ආනවිලුන්දාව අභය භූමියේ ජලාශ පද්ධතිවල විශාල ගස් මියයෑමේ අවදානමක්

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා අභය භූමිය තුළ පිහිටි ජලාශ පද්ධතිවල විශාල ප්‍රමාණයේ ගස් දීර්ඝ කාලයක් තිස්සේ මිය යෑමට පටන් ගෙන තිබීම හේතුවෙන් එහි ඇති සුන්දරත්වයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

සංචාරක ආකර්ෂණය දිනාගත්, සොබා සෞන්දර්යයෙන් අනූන ආනවිලුන්දාව අභය භූමිය දේශීය පක්ෂි විශේෂ 131 ක මෙන්ම සංචාරක පක්ෂි විශේෂ 37 ක වාසස්ථාන හා ආහාර බිමක් ලෙස පරිසරවේදීන් හඳුනාගෙන තිබේ.

එමෙන්ම මිරිදිය මත්ස්‍ය සහ කිවුල්දිය මත්ස්‍ය විශේෂ, උභය ජීවී විශේෂ හා උරග විශේෂ ඇතුළු සමනල විශේෂ මෙහි වාර්තා වන අතර සැලකිය යුතු දෙස් විදෙස් සංචාරක පිරිසක් මෙහි සුන්දරත්වය විඳ ගැනීමට පැමිණෙති.

ශ්‍රී ලංකාවේ පවතින අන්තර් ජාතික රැම්සා තෙත් බිම් තුනෙන් දෙවැනි වරට ප්‍රකාශයට පත්කරන ලද තෙත් බිම ආනවිලුන්දාව බව සඳහන් වේ. ලෝක සංරක්ෂණ සංගමය මගින් මෙහි ජෛවවිවිධත්ව, පාරිසරික සහ තෙත් බිම භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ අතර, 2001 අගෝස්තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. හෙක්ටයාර් 1397 ක වපසරියක් ඇති ආනවිලුන්දාව රැම්සා අභය භූමිය තුළ ජලාශ 05 ක් පිහිටා ඇත. වසරේ මාර්තු මාසයේ සිට මාස කීපයක්ම සංචාරක පක්ෂීන් මෙම භූමියට පැමිණ ප්‍රජනන කටයුතු සහ පැටවුන් බිහි කිරීම සිදු කර නැවත එම පක්ෂීන් සිය මව් රටවල් බලා පියාසර කරන බව සැලකේ. පක්ෂීන් ලැගුම් ගනු ලබන්නේ අභය භූමිය තුළ ඇති දැවැන්ත ගස් සහ ඒ ආශ්‍රිතවය. නමුත් අභය භූමියේ වැව් තුළ ඇති දැවැන්ත ගස් මෙසේ මිය යාමට පටන් ගෙන තිබීම පක්ෂීන්ට තිබූ රැකවරණය අහිමි වෙමින් පවතී.

දැදුරුඔය හරස් කර ජලය ලබාගෙන ආනවිලුන්දාව ප්‍රදේශයේ ඇති වැව් පෝෂණය කිරීම පසුගිය කාලයේ ආරම්භ කරන ලදි. එසේ ලැබෙන ජලයෙන් මේ වන විට අභය භූමිය තුළ ඇති වැව් සියල්ල ජලයෙන් පිරී ගොස් ඇත.

දැදුරුඔය හරස් කර ජලය ලබා ගැනීමට පෙර මෙම වැව් පද්ධතිය වසරේ එක් කාලයක සිඳී යයි. නමුත් දැදුරුඔයෙන් ජලය ලැබෙන නිසා මෙම වැව් වසරේ සෑම දිනකම ජලයෙන් පිරී ගොස් තිබීම ගස් මිය යෑමට හේතුව විය හැකි බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

වැව් පද්ධතිය ගැඹුරු කර ගස් වටා පස් කඳු සකස් කිරීම තුළින් වැව් පද්ධතිය තුළ ඇති ගස් රැක ගත හැකි නමුත් වගකිව යුතු අංශ ඒ පිළිබඳ අවධානයක් යොමු කර නොමැති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. මේ ආකාරයට වැව් තුළ ඇති ගස් තවදුරටත් මියයෑම සිදු වුවහොත් අනාගතයේදී සංචාරක පක්ෂීන්ගේ මෙන්ම දේශීය පක්ෂීන්ගේ වාසස්ථාන අහිමි වීමෙන් ජාත්‍යන්තර වැදගත් කමක් ඇති බවට හඳුනාගෙන ඇති ආනවිලුන්දාවට අත්වන ඉරණම ඉතා ඛේදජනක විය හැකි බවට පරිසරවේදීහු අනතුරු අඟවති.
අමරනන්ද විජේසේකර – මහවැව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok