මඩකලපුවේ එරාවුර් පොලිස් වසමේ වන්තාරමූල්ලයි සිට කලුවන්කේරි දක්වා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් රියැදුරු සහ 15 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම රථයේ සිටි දැරියගේ මව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පැවසීය. ඊයේ (23 දා) අලුයම 4.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මඩකලපුවේ කරුවප්පන්කේරි, චින්න උරාන්, සෙලියන් පාරේ දෙවැනි මංසන්ධියේ පදිංචි ජෙන්ද්‍රකුමාර් සංජේ කරුවප්පන්කේරි සහ නාවලර් පාරේ පදිංචි 15 හැවිරිදි දැරියක වන ප්‍රදීපන් තවස්වානි මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
මියගිය දැරියගේ පියා විදේශගතව ඇත. දැරිය සිය මව සමග කරුවප්පන්කේරි හි ඇති ඔවුන්ගේ ඌරු ගොවිපළ නැරඹීමට මෝටර් රථයෙන් යමින් සිට තිබේ. මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටී ඇත. දැරියගේ මව වන බාලචන්ද්‍රන් මෝහනගාන්ධි මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මියගිය අයගේ මළ සිරුරු මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ.
මඩකලපුව – ටී. එල්. ජව්ෆර් කාන්