කතරගම ප්‍රදේශයේ පාසල් වෙත යන එන දරුවන් වැඩිම පිරිසක් ගමන් ගනු ලබන්නේ සිය මව හෝ පියා සමග යතුරුපැදියෙනි.
මෙම දරුවන්ගේ ඇතැම් දෙමාපියන් ආරක්ෂක හිස් වැසුම් (හෙල්මට්) පැළඳින මුත් දරුවන්ගේ ආරක්ෂාව පිණිස හිස් වැසුම් පැළඳවීම අඩු වශයෙන් සිදුවෙයි.

මෙම කරුණු අවබෝධ කර ගත් කතරගම පොලිසිය විසින් හඳුනා ගත් පාසල් ළමුන් සඳහා ආරක්ෂක හිස් වැසුම් ලබාදීමට ඊයේ (23 දා) පියවර ගනු ලැබීය. කතරගම ජාතික පාසලේදී මෙම වැඩසටහන පැවැත්විණි.
ලංකා ඔටෝ මොබයිල් සංගමයේ අනුග්‍රහය මත සිසුන් පනස්දෙනකු වෙනුවෙන් හිස් වැසුම් ලබාදීමට පියවර ගෙන තිබුණි.
කතරගම ජනාධිපති ජාතික පාසලේ නියෝජ්‍ය විදුහපති කැබැල්ල කැටිය ප්‍රේමරතන හිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ලංකා ඔටෝ මොබයිල් සංගමයේ සභාපති ධම්මික අටිගල, විධායක සභික දම්පිය බානගල, කතරගම පොලිස් ස්ථානයේ පරිපාලන පොලිස් නිලධාරි වර්ෂවිතාන, කතරගම පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ.එස්. ජයලත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.
කතරගම – කේ. ඩී. දේවප්‍රිය