තම ගෙවත්තේ පොල් කැඩීමට ගිය අඹු සැමි යුවළකට (18දා) බඹරුන් දෂ්ට කිරීමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතළ තුවාල ලබා ඇතැයි අගුණකොළපැලැස්ස පොලිසිය පවසයි.
බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අඟුණකොළපැලැස්ස පදිංචිව සිටි අලුත්දුරගේ අන්දිරිස් නමැති 69 හැවිරිදි තිදරු පියෙකි.
ප්‍රදේශවාසි පුද්ගලයකු සමග අඹුසැමි යුවළ පොල් කඩන්නට ගොස් ඇති අතර කඩන ලද පොල් අහුලමින් සිටියදී ඔවුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
බඹර ප්‍රහාරයට ලක්වූ බිරිඳ ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්