Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වස්ගමු වනයේ වාඩි ගසාගෙන අක්කර 2.5ක ගංජා වවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වස්ගමු වනයේ වාඩි ගසාගෙන අක්කර 2.5ක ගංජා වවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

වස්ගමු වනයේ වාඩි ගසාගෙන අක්කර 2.5ක ගංජා වවලා

June 23, 2025
157 Views

වියළි ගංජා කිලෝ 28.500ක් හා ගංජා ගස් 125550ක් සමග දෙදෙනෙක් කොටු වෙති

අංගම්මැඩිල්ල වස්ගමුව ජාතික උද්‍යානයේ කැලෑව තුළ වාඩි ගසාගෙන අක්කර 2.5 පමණ වගා කර තිබූ රුපියල් කෝටියක අධික වටිනා කමක් ඇති ගංජා හේනක් වටලා වියළි ගංජා කිලෝ 28.500ක් හා ගංජා ගස් 125550ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් 22 උදේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ජයසිරිපුර නිකවැව ප්‍රදේශයේ සහ හම්බන්තොට මින්දෙනිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලොන්නරුව පොලිසිය කියයි.

පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශන්න ජාගොඩ මහතාට ලැබුණ තොරතුරුක් අනුව පෙරේදා අළුයම 4.30ට පමණ රක්ෂිත කැලෑව තුළට ඇතුළුව ජීවිතයත් මරණයත් අතර සටහනක නිරතවී මෙම වැටලීම සිදුකර තිබිණි.

වැටලීම සඳහා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශන්න ජාගොඩගේ මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් හත්දෙනෙකු එක් විය. පොලිස් නිලධාරීන් ගංජා හේනට ඇතුළු වෙනවාත් සමග ගංජා ජාවාරම්කරුවන් ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර උප පොලිස් පරීක්ෂක සාමානන්ද මහතාගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි.

ගංජා හේනට ඇතුළු වූ පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා ගංජා හේනේ තිබුන පැල්පත් දෙකක් නිරීක්ෂණය කර එහි රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පුද්ගලයා සමග පුද්ගලයන් තිදෙනක් ගිනි අවි දෙකක්ද රැගෙන පලාගිය බවද සඳහන් කර ඇත.

අක්කර දෙකහමාරක පමණ මෙම රක්ෂිත කැලෑව තුළ ඇති වටිනා ගස් කපා දමා විනාශ කර ඇති බවද මෙම ඉඩමේ පැල්පත්වල වියලි ගංජා කිලෝ 28යි ග්‍රෑම් 500ක්ද තිබුණ බවද අඩි 5ක පමණ උසැති ඉතාමත් සාරවත් ලෙස වැව්වී තිබුණ ගංජා ගස් 125550ක් පමණ ගිනි තබා විනාශ කළ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගිය නිකවැව මින්දෙනිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කංඩායමක් පරීක්ෂණ පවත්වයි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා, පොලිස් අධිකාරි ප්‍රගති ලක්මීමන යන මහතුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශන්න ජාගොඩ, උප පොලිස් පරීක්ෂක සාමානන්ද, පොලිස් සැරයන් 35151 ලලිත්, පොලිස් කොස්තාපල්වරුන් වන 74345 සිල්වා, 85643 නවරත්න, 82748 සදකැළුම් හා 90492 රත්නායක යන මහතුන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ආරක්ෂව තිබියදීත් වැලිගම ප්‍රා. සභා මන්ත්‍රී තාරකගේ තෙලිජ්ජවිල නිවසට වෙඩි වරුසාවක්

ප්‍රාදේශීය පුවත්

සිසු ගැටුමෙන් පසු අග්නිදිග සරසවියේ විභාග දින නියමයක් නැතිව කල් දමයි

ප්‍රාදේශීය පුවත්

හයේෂිකාගෙන් පහර කෑ බව කියන තරුණයා සිදුකළ ලිංගික හිංසනය ගැන වාර්තාවක් දෙන්න – උසාවියෙන් පොලිසියට නියෝගයක්

ප්‍රාදේශීය පුවත්

පොලිසියේ අයට ලස්සන වෙන්න ‘රූසිරි’ මොඩ් වෙයි

ප්‍රාදේශීය පුවත්

මාස 6ට ඉන්දීය ධීවරයෝ 181ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok