කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල නගරයේ රුපියල් දහසේ සිට පන්දහස දක්වා මුදල් ඔට්ටු වලට මහරෑ යාමේ සිට අලුයම දක්වා රේස් පැද්ද ත්‍රීවීල් රථ 09ක් සැකකාර රියැදුරන්ද සමග අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
කොළඹ-මීගමුව පාරේ දඬුගමින් ආරම්භ කොට ජාඇල-මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල දක්වා සැකකරුවන් තම ත්‍රීවීල් රථවලින් රේස් පැද ඇති බව පොලිසිය සඳහන් කරයි. අදාළ ත්‍රීවීල් රථවල මුල් ආකෘතිය වෙනස් කොට එන්ජින්වල ධාරිතාවය වැඩි කොට නීති විරෝධී අන්දමින් මොඩිෆයි කර තිබූ බවද පොලිසිය පවසා සිටියි. 119 ඔස්සේ පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකොට ඇත.
මේ නීති විරෝධි රේස් සූදුව ඉතා සංවිධනාත්මක ලෙස සති අන්තවල ලොකු ලොකු මුදල් ඔට්ටුවලට මීට ඉහතදීද පවත්වා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. අරුලානන්දම්ගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් බස්නායක, පොලිස් සැරයන්වරුන් වන ජයසිංහ (49093) නිශාන්ත(45451) රණසිංහ(20710) පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රසාද්(101948) පුංචිහේවා (106512) හේරත්(103854) පොලිස් රියැදුරු අමිල (15104) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.
බී.ටී. කොටින්කඩුව – ජාඇල