සමන් අතාවුදහෙට්ටිගේ ‘සමන් කියයි – 2’, තරකා අතාවුදහෙට්ටිගේ ‘චොකොහොලික් හීන’ සහ තරුසර පෙරේරාගේ ’කළු මකරා’ යන තුන් පොත් රෑන පිළිබඳ සංවාදයක් ජුනි 26 වැනිදා සවස 2.30 ට මහනුවර පොත් දැක්මේ දී පැවැත්වේ.
කපිල කුමාර කාලිංග, චූලාභය ශාන්ත කුමාර හේරත්, විරාජිනී තෙන්නකෝන්, සමුද්‍රිකා ද සිල්වා සහ ලක්ෂිකා රත්නායක මෙහිදී අදහස් දක්වති.
සංවාදය මෙහෙයවන්නේ සමන් ජයරත්න සහ මාෂි හේමපාල විසිනි. 26 වැනිදා උදෑසන 10 සිට සමුද්‍ර කුටියේදී, කතුවරුන් හමුවීමටත්, ඔවුනගේ අත්සන් සහිතව පොත් මිලදී ගැනීමටත් අවකාශ සලසා තිබේ. මෙම අවස්ථාවන් සංවිධානය කරනුයේ සමුද්‍ර පොත් ප්‍රකාශකයන් විසිනි.