Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තිස්ස විහාරයේ ප්‍රශ්නයට අයෝද්‍යාවේ ශාස්ත්‍රීය විසඳුම!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තිස්ස විහාරයේ ප්‍රශ්නයට අයෝද්‍යාවේ ශාස්ත්‍රීය විසඳුම!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

තිස්ස විහාරයේ ප්‍රශ්නයට අයෝද්‍යාවේ ශාස්ත්‍රීය විසඳුම!

June 22, 2025
573 Views

හින්දු බැතිමතුන්ට උතුරේදී පමණක් නොව දකුණේදීත් තම ආගම ඇදහීමට පමණක් නොව තම ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට ද කිසිදු බාධාවක් නොමැත. මෑත කාලයේදී මධ්‍යම පළාතෙත් හනුමන් දේවාලයක් පවා ඉදි කළත් ඊට බෞද්ධයන්ගෙන් විරෝධයක් එල්ල නොවීය. නමුත් පසුගිය වෙසක් පෝයට පවා බෞද්ධයන්ට උතුරේ පිහිටි තිස්ස විහාරය වැඳපුදා ගැනීමට යෑමේදී බාධා එල්ල විය. එසේම මුලතිව් ප්‍රදේශයේ පිහිටි කුරුන්දි විහාරය වැඳපුදා ගැනීමට යෑමේදී ද බෞද්ධයන්ට එබඳු අත්දැකීම්වලට මුහුණදීමට සිදුවූ අවස්ථා ඇත.

එක රටක් එක නීතියක් නම් උතුරේ ජනතාවට මෙන්ම දකුණේ ජනතාවට ද ඕනෑම ප්‍රදේශයකදී තම ආගම ඇදහීමට මෙන්ම තම ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට ද නිදහස තිබිය යුතුය.

පසුගිය කාලයේදී සිදුවූ සමහර සිදුවීම්වලින් පෙනී යන්නේ බෞද්ධ ජනතාවට එම අයිතිය අහිමි වී ඇති බවය.

උතුරේදී බෞද්ධයන්ට එරෙහි වන පුද්ගලයන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ දෙමළ ජනතාවට අයත් භූමියක තිස්ස විහාරය ඉදිකර ඇති බවය.

කන්කසන්තුරේ ඉදිකර ඇති තිස්ස විහාරය 1959දී සම්පාදිත අඟලේ සිතියමේ ද සලකුණු කර ඇති බැවින් එම විහාරය යුද සමයෙන් පසුව ඉදිකර ඇති බවට එල්ල වන චෝදනාව කිසිසේත්ම පිළිගත නොහැක. එසේම එම භූමිය බෙදුම්වාදි යුද්ධය ආරම්භවීමට පෙර යුගයේදී පවා හඳුන්වා ඇත්තේ බුද්ධා කෝවිල් අඩියන නමිනි. බෞද්ධයන්ගේ ස්ථාවරය වී ඇත්තේ එම විහාරයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජුගේ යුගය දක්වා දිවයන බවයි.

තිස්ස විහාරයට එල්ල වන විරෝධතා එම ස්ථානයට පමණක් සීමා වූ විරෝධයක් නොවන බව අප තේරුම් ගත යුතුය.

මෙම විරෝධතාවයන් එස්. ජේ. වී. චෙල්වනායගම් විසින් ආරම්භ කරන ලද දෙමළ බෙදුම්වාදි දේශපාලනයේම කොටසක් බව පැහැදිලිය. එස්. ජේ. වී. චෙල්වනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි නමැති දේශපාලන පක්ෂය ආරම්භ කර ඇත්තේ මෙරටේ උතුර සහ නැඟෙනහිර භූමිය තුළ ඓතිහාසිකව දෙමළ රාජ්‍යයක් පැවතියාය යන ස්ථාවරයේ සිටය. ඓතිහාසිකව පැවති එම දෙමළ රාජ්‍යය පළමුවෙන්ම පෘතුගීසින්ට යටත් වූ බවත් ඉන් අනතුරුව ලන්දේසින්ට සහ ඉංග්‍රීසින්ට යටත් වූ බව පැවසූ ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 1948දී ඉංග්‍රීසින් මෙම දූපත අත්හැර ගිය අවස්ථායෙව්දී තම ඓතිහාසික නිජභූමිය සිංහල ආධිපත්‍යයකට යටත් කළ බවයි. චෙල්වනායගම් විසින් 1949දී දෙමළ රාජ්‍ය පක්ෂය ආරම්භ කර ඇත්තේ ඔහු ප්‍රකාශ කරන සිංහල ආධිපත්‍යයකට යටත් වී තිබෙන තම ඓතිහාසික නිජභූමිය නිදහස් කර ගැනීම සඳහාය. ඔහු මැතිවරණවලට තරග කළේ ඒ සඳහාය. උපවාස කළේ ඒ සඳහාය.

චෙල්වනායගම්ගෙන් අනතුරුව එල්.ටී.ටී. සංවිධානය වැනි ත්‍රස්තවාදි සංවිධාන බිහිවූයේ ද එම අරමුණ පෙරදැරිවය.

මෙරට ජීවත්වන දෙමළ ජනතාවගේ ඓතිහාසික තොරතුරු සඳහන් වී තිබෙන පැරණිතම කෘතිය වන්නේ ‘යාල්පානම් වෛ්‍යවම්ලේ’ කෘතියයි. එම කෘතියේ යාපනයේ ඉතිහාසය පිළිබඳව සඳහන් වන්නේ මෙසේය.

“බුද්ධාගම ඇදහූ සියල්ලෝම සිංහලයෝ වූහ. යාපන රාජධානියේ බෞද්ධ සිංහලයෝ බොහෝ ගණනක් විසුවෝය. රජු අණින් ඔහු සියලු දෙනාම රාජ්‍ය සීමාවෙන් ඉවතට පිටුවහල් කොට එළවා දමනු ලැබූහ. මෙයින් ද නොනැවතුණ ඔහු විසින් බොහෝ වූ බෞද්ධ සිද්ධස්ථාන කඩා හෙළා විනාශ කර දමන ලදී. අවිචාර සමයෙන් බේරගනු සඳහා එකදු සිංහලයකු නොහැර සියල්ලෝම වන්නිකරයට සහ උඩරට ප්‍රදේශයට පැන ගත්තෝය.”

අතීතයේදී පවා යාපනය ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් ජීවත් වූ බව සඳහන් වන්නේ ‘යාල්පානම් වෛ්‍යවම්ලේ’ කෘතියේ පමණක් නොවේ. ඒ බව තහවුරු කළ හැකි පුරාවිද්‍යා සාධක, ඓතිහාසික කෘතීන් කොතෙකුත් තිබේ. එම හේතු සාධකයන් හේතුවෙන් කුමන තත්ත්වයන් යටතේ වුවත් බෞද්ධයන් තමාගේ උරුමයන් යැයි විශ්වාසයෙන් කටයුතු කරන ස්ථානයන් අත්හැර නොදමන බව මෑතකාලීන ඉතිහාසය අනුවත් පෙනී යයි. එම තත්ත්වය තුළ තිස්ස විහාරය පසුබිම් කරගෙන ඉස්මතු වී ඇති ප්‍රශ්නය පිළිබඳව කතා නොකර නිහඬව සිටීම ඒ සඳහා ඇති විසඳුම නොවන බව පැහැදිලිය.

තමිල්නාඩුවේ තලවෙට්ටෙයි මුනියප්පම් කෝවිලේ ඇති බුද්ධ ප්‍රතිමාව

මෙබඳු ප්‍රශ්නවලට මුහුණ දුන් එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවේ. ජාතික සහ ආගමික හැඟීම්වලින් ඔදවැඩුණු ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ පවා මෙබඳු ප්‍රශ්න සඳහා විසඳුම් සපයාගෙන ඇත්තේ ශාස්ත්‍රීය පසුබිමකින් යුතුවය. ඉන්දියාවේ අයෝද්‍යාවේ මෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු ආගමික ස්ථානයන් පසුබිම් කරගනිමින් නිර්මාණය වූ අර්බුදයන් සඳහා විසඳුම් සපයාගත් ආකාරය ඒ සඳහා උදාහරණ ලෙස ඉදිරිපත් කළ හැක.

අයෝද්‍යාවේ ආගමික ගැටුම නිර්මාණය වී ඇත්තේ බාබුර් මුස්ලිම් පල්ලිය පසුබිම් කරගෙනය. වාර්තා වන ආකාරයට එම පල්ලිය ඉදිකර ඇත්තේ 1528දීය. හින්දු බැතිමතුන් චෝදනා කරන ආකාරයට එම පල්ලිය ඉදිකර ඇත්තේ රාම කුමරුන් උපන් ස්ථානයේ ඉදිකර තිබූ රාම දේවාලයක් විනාශ කර ඒ මතය. ඉංග්‍රීසින් ඉන්දියාව පාලනය කළ සමයේදී ඉස්ලාම් බැතිමතුන්ට එම පල්ලිය තුළත් හින්දු බැතිමතුන්ට ඉන් පිටතත් වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දී ඇත. නමුත් හින්දු බැතිමතුන් 1949දී එම පල්ලිය තුළ රාම දෙවියන්ගේ සහ සීතාගේ ප්‍රතිමාවන් බලහත්කාරයෙන් තැන්පත් කර ඇත. එම සිදුවීමත් සමගම ගැටුම උග්‍ර අතට පත් වී ඇත. එලෙස පැවති ගැටුම මිනිස් ජීවිත 2000ක් පමණ විනාශ කළ ගැටුමක් දක්වා වර්ධනය වන්නේ දැඩි මතධාරි හින්දුන් බාබුර් පල්ලිය 1992 දෙසැම්බර් 06 වැනිදා කඩා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමගය.

ඉන් අනතුරුව හින්දු ආගමික සංවිධාන දෙකක් සහ මුස්ලිම් සංවිධානයත් එම භූමියේ අයිතිය ඉල්ලා අධිකරණය හමුවට ගොස් ඇත. එම නඩුව විභාග වෙමින් පැවති අතර අධිකරණය විසින් එම භූමියේ පුරාවිද්‍යාත්මක ගවේෂණයන් කරන ලෙස නියෝග කර ඇත. ඒ අනුව 2003දී සිදුකරන ලද කැනීමකට අනුව එම භූමියේ සියවස් කිහිපයකට පෙර ඉදිකළ ආගමික ගොඩනැගිල්ලක් තිබී ඇති බව තහවුරු වී ඇත. ඉන් අනතුරුව අලහබාද් මහ අධිකරණය විසින් 2010 සැප්තැම්බර් මාසයේදී තීන්දු කර ඇත්තේ එම ඉඩම කොටස් තුනකට බෙදා හින්දු සංවිධාන දෙක සහ මුස්ලිම් සංවිධානය අතර බෙදාදීමටය. නමුත් එම නඩුව යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇත. එම අධිකරණය විසින් 2010 නොවැම්බර් 09 වැනි දින තීන්දු කර ඇත්තේ එම භූමියේ අයිතිය සම්පූර්ණයෙන්ම හින්දු පාර්ශ්වයට ලබාදීමට සහ මුස්ලිම් පල්ලිය ඉදිකිරීම සඳහා වෙනත් ඉඩමක් ලබාදීමටය. අධිකරණය විසින් ලබාදුන් එම තීන්දුවත් සමග මේ වනවිට අයෝද්‍යාවේ ආගමික ගැටුම සමතයකට පත් වී ඇත.

අයෝද්‍යාවේ ප්‍රශ්නය හින්දුන් සහ ඉස්ලාම් බැතිමතුන් අතර ඇතිවුවත් තමිල්නාඩුවේ තලවෙට්ටෙයි මුනියප්පම් කෝවිල සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් ඇත්තේ එක් පුද්ගලයකු පමණි.ඒ ඒ. පී. රන්ගනාථත් මහතාය. ඒ මහා තලවෙට්ටෙයි මුනියප්පම් කෝවිලේ පිහිටි ප්‍රතිමාවන් සහ නටබුන් බෞද්ධ විහාරස්ථානයකට අයත් බව සඳහන් කරමින් 2011 වසරේදී අධිකරණය හමුවේ නඩු පවරා ඇත. එම නඩුව විභාග වෙමින් පවතිද්දී 2017 වර්ෂයේදී මහාධිකරණය විසින් එම පූජනීය ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකරන ලෙස තමිල්නාඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. එම පර්යේෂණ කටයුතුවලින් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මහාධිකරණයට වාර්තා කර ඇත්තේ තලවෙට්ටෙයි මුනියප්පම් කෝවිල අතීතයේදී බෞද්ධ විහාරස්ථානයක් බවත් එම ස්ථානයේ ඇති ප්‍රතිමා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවන් වන බවත්ය. ඒ අනුව අධිකරණය එම ස්ථානයේ ඇති ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් ලෙස නම් කරන ලෙසටත් එම භූමියේ බිලි පූජා යාග හෝම නොපවත්වන ලෙසටත් ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදී ඇත.

අයෝද්‍යාවේ ඇති වූ ප්‍රශ්නය මෙන්ම තමිල්නාඩුවේ තලවෙට්ටෙයි මුනියප්පම් කෝවිල පසුබිම් කරගනිමින් ඇති වූ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම කන්කසන්තුරේ තිස්ස විහාරය පසුබිම් කරගනිමින් මතු වී ඇති ප්‍රශ්නයට සමානය. එබැවින් වඩාත්ම සුදුසු සහ එකම විසඳුම වන්නේ අපගේ ප්‍රශ්නයට ද ඉන්දියාව ලබාදී ඇති විසඳුමම ලබාදීමය.

එස්. ජේ. වී. චෙල්වනායගම් ප්‍රධාන දෙමළ රාජ්‍ය පක්ෂයේ නායකයන් විසින් ආරම්භ කළ මෙම ප්‍රශ්නයට තමිල්නාඩුව ප්‍රධාන ඉන්දියාව පිටුබලය සපයන බැවින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ද ඉන්දියාව විසින් අනුගමනය කළ විසඳුමම යොදාගැනීම වඩාත් යෝග්‍යය.

එරික් ගාමිණී ජිනප්‍රිය

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok