ජ’පුර ඉංජිනේරු පීඨ සිසුන්ගේ දෙමව්පියෝ චෝදනා කරති
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2019/2020 05 වන ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් නවක වධයට ලක්වීම නිසා සති දෙකකින් වාර විභාගය කල්දමන ලෙස සිසුන් එකසිය හැත්තෑ දෙදෙනකු අත්සන් කර වෛද්‍ය සහතික සමග පාලනාධිකාරියට ලිපි ලබාදුන්නත් එය පිළිනොගෙන ඉන් එක් සිසුවකුගේ පමණක් වෛද්‍ය සහතික පිළිගෙන ඇතැයි ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායමේ දෙමපියෝ චෝදනා කරති.
මෙම සිසුන් එකසිය හැත්තෑ දෙදෙනා නවක වධය නිසා සති දෙකකින් වාර විභාගය පවත්වන ලෙස පාලනාධිකාරියෙන් වෛද්‍ය සහතික සමග ඉල්ලීම් කර තිබියදී, එම ඉල්ලීම් විභාග වර්ජනයට යොදාගන්නා මුලාශ්‍රයක් ලෙස සලකා වෛද්‍ය සහතික භාරගැනීම තහනම් කර ඇති බවත් දෙමව්පියෝ කියති. සිසුන් 171 දෙනකුගේ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප කරමින් එක් සිසුවකුගේ වෛද්‍ය සහතිකයක් භාරගත්තේ කුමන පදනමකින්ද යන්න එම දෙමාපියෝ විමසා සිටිති.
සිසුන්ට අයුතු බලපෑම් ඇතිවේ යැයි කියන බිය නිසා දෙමාපියන්ට මේ ප්‍රශ්නයට මැදිහත්වීමට අපහසු බවද ඔවුහු කියා සිටිති. තවත් මාස දෙකකින් මෙම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වන බැවින් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සිසුන්ට සහනයක් සලසන ලෙස දෙමාපියෝ ජනාධිපති, අධ්‍යාපන ඇමැති අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිති.
චමින්ද සිල්වා