මැදගම පොලිස් වසමට අයත් කැන්දවින්න, කෝන්ගස්ලන්ද, බලගස්ආර ප්‍රදේශයේදී තම බිරිඳට වෙඩි තබා ඝාතනය කළ සැමියාත් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි මැදගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සුනිල් දිසානායක (49) නමැති එක් දරු පියෙකි.
ඔහු බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන බිරිඳ නිවසෙන් පිටව ගොස් බලගස්ආර මාර්ගයේ මීටර් 100ක් පමණ ගමන් කරමින් සිටියදී පිටුපසින් ගොස් බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි. මෙම වෙඩි තැබීමෙන් මියගියේ එම්. ජී. නිරෝෂා ප්‍රියදර්ශනී රාජපක්ෂ (38) නමැති එක් දරු මවකි. බිරිඳට වෙඩි තැබීමෙන් පසු පලා ගොස් සිටි සැකකරු පොලිසිය මගින් සොයා බලන විටදී බිරිඳට වෙඩි තැබූ කැප්ප තුවක්කුවෙන්ම එම
ස්ථානයේදීම වෙඩි තබාගෙන මිය ගොස් සිටියදී පොලිසියට හමුවී ඇත. මෙම මරණ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය බිබිල මහෙස්ත්‍රාත් මහේශානී අමුණුගම මහත්මිය පවත්වනු ලැබුවාය.
පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි මහත්මිය විසින් පවත්වන ලදි. මැදගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පො.ප. ජේ. එම්. පියසේන මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක