කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනි වඩුගේ සඳමාලි මහත්මියට පෙරේදා (16දා) රාත්‍රි කිසියම් මැර පිරිසක් පහරදීම නිසා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කාර්යාලයට ගිය අවස්ථාවේ කිසියම් මැර පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට රතිඤ්ඤා දල්වමින් මන්ත්‍රිවරියට බැණවැදී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
රතිඤ්ඤා දල්වමින් මන්ත්‍රිවරියට බැණවැදීම සිදුකරන ආකාරයේ ඇයගේ හිතවතියක විසින් ජංගම දුරකථනයෙන් පටිගත කිරීමට යෑමේදී මන්ත්‍රිවරියට මෙම පහරදීම සිදුව ඇති බවත්, එහිදී තුවාල ලැබූ ඇය මාර්ගයේ ගමන් කළ වාහනයක නැඟී ජාතික රෝහලට ගොස් ඇති බවත් ඔහු කීය. මෙම මැර පිරිස මන්ත්‍රීවරියට පමණක් නොව එම ස්ථානයට පැමිණි ඇයගේ සැමියාට ද පහර දී ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා