කල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා (මාලිමාව) ගමන් ගත් මෝටර් රථයට පහරදී අලාභහානි කළ බව කියන සිද්ධියේ තිදෙනකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති බවත් මදුරන්කුලිය පොලිසිය පවසයි.
පෙරේදා (16දා) සවස මෙම සිදුවීමත් සමග මදුරන්කුලිය, විරුකෝඩේ ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගැනුණු අතර තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබීය.
කල්පිටිය ප්‍රාදේශීය සභාපති ලෙස තේරී පත්වූ ජාතික ජන බලවේගයේ අබ්දුල් රිත්තාස් මහතා පෙරේදා මංගල සභා වාරයට සහභාගි වී සිය මෝටර් රථයෙන් නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබිණි.
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට මෙවර සමගි ජන බලවේගයෙන් තරග කර පරාජයට පත්වූ අයෙක් ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකළ බවට නව ප්‍රාදේශීය සභාපති රිත්තාස් මහතා පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව මදුරන්කුලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්