සභාපති තේරීම දින නියමයක් නැතිව කල් යයි
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (17දා) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණ ද එම සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත්කර ගැනීම සිදුනොවුණු අතර මේ හේතුවෙන් එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තබනු ලැබීය.
සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේ ද විවෘත ඡන්දයක් පවත්වන්නේ ද යන්න සිදුකළ විමසීමේදී එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත්, තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථිර කළහ.
ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබූ බැවින් සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ.

එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයන් 24 දෙනකු සභා ගර්භයෙන් පිටව යෑම හේතුවෙන් සභාවේ ගණපූර්ණය නොමැතිවීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළාය.
කෙසේ වෙතත්, පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, අවිස්සාවේල්ල – එල්.වී.සමරසිංහ සහ ලබුගම – ඩේවිඩ් අමරසිංහ