වැඩි මිලට ඖෂධ අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු සහ ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (17දා) අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරින් ඊයේ පෙරවරුවේ කළ වැටලීමකදී මෙම වෛද්‍යවරයා සහ ලිපිකරුවා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා තුන්වැනි පාර්ශ්වයක සහාය ලබාගෙන ඇති බවද හෙළි වී ඇත.
සැකකරුවන් මෙම ජාවාරම හරහා ඉපයූ මුදල කොපමණදැයි සෙවීමට අල්ලස් කොමිසම විමර්ශන පවත්වාගෙන යයි.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
හේමන්ත රන්දුණු