අස්වැසුම දීමනා වෙනක් ගාණුම්වලට බැරකරමින් අයථා ලෙස කයෙුතු කල වැඩතහනමට ලක්වසිටි කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නළධාරිනියක් අතඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසවැසුම සුබසාධන අංශයේ කළමනාකාර සේවා නිලධාරිනියකි.
අසවැසුම ප්‍රතිලාභ හිමියන්ගෙන් මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර නොකර වෙනත් ගිණුම්වලට බැරකළ බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කොලොන්න ප්‍රාදේශීය ලෙකම්වරිය ඇඹිලිපිටිය පොලිස් අධිකාරී කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඇඹිලිපිටිය පොලීසිය මගින් ඉකුත් 13දා අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මේ වනවිට සිදු කරන ලද විමර්ශනවලට අනුව රුපියල් තිස්පන් ලක්ෂ අසු එක්දහසක් එලෙස වංචා කර ඇති බවද පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති බැවින් මෙම මුදල වෙනස් විය හැකි බවද පොලිසිය කියයි.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වනවිට අස්වැසුම සුබසාධන මණ්ඩලයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්ද විගණනයක් ආරම්භ කර ඇත. සැකකාරියගේ හිතවතුන්ගේ සහ නෑදෑයින්ගේ ගිණුම්වලට මුදල් දැනුම්දීමකින් තොරව බැරවී ඇති බව ඔවුන් විසින් කොලොන්න පොලිසියටද මීට පෙර පැමිණිලිකර තිබිණි.
මේ සම්බන්ධයෙන් කොලොන්න ප්‍රාදේශීය ලේකම් වරියද ඇඹ්ලිපිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව මේ වනවිට පොලිස් පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඇඹිලිපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ඉනෝකා නයෝමි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.
ඕමල්පේ – ප්‍රගීත් ජනක