Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තඹුත්තේගමට තට්ටු 6කින් සමන්විත හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට පියවර ගන්නවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තඹුත්තේගමට තට්ටු 6කින් සමන්විත හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට පියවර ගන්නවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

තඹුත්තේගමට තට්ටු 6කින් සමන්විත හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට පියවර ගන්නවා

June 16, 2025
209 Views

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සඳහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

තඹුත්තේගම මූලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අදහස් කරන බවත්, රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සිදු කිරීම සඳහා රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතා වෙත උපදෙස් ලබාදෙන ලදී.

විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවකයා දක්වා සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම් හිඟයක් රෝහල තුළ පවතින බැවින් ඉදිරියේ දී පුහුණුව අවසන් කරන කාර්ය මණ්ඩලවලින්, බඳවා ගැනීමට නියමිත නවක කාර්ය මණ්ඩලවලින් සහ විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණෙන වෛද්‍යවරුන්ගෙන් යම් ප්‍රමාණයක් මෙම රෝහලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තඹුත්තේගම මූලික රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, සියලු වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒකකය,

රසායනාගාරය, ලේ බැංකුව, වෛද්‍ය නිල නිවාස ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල නිල නිවාස සහ නේවාසිකාගාර ඇතුළු සියලු අංශ නිරීක්ෂණයට ලක් කෙරිණි.

මහවැලි ව්‍යාපාරයේ ආරම්භයත් සමග 1986 වර්ෂයේ දී ස්ථාපිත කරන ලද තඹුත්තේගම මූලික රෝහල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත මූලික රෝහල් හය අතුරින් ඒ ශ්‍රේණියේ එකම මූලික රෝහල වේ. රෝහලේ ඇඳන් ධාරිතාව 240ක් වන අතර වර්තමානය වනවිට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණය 400කට ආසන්න වේ. පසුගිය වසරේ දී බාහිර රෝගී අංශයෙන් සහ සායනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් ගණන එක්ලක්ෂ පනස්දහසකට ආසන්නය.

එමෙන් ම සාමාන්‍ය සැත්කම් 4500කට අධික ප්‍රමාණයක් ද, සංකීර්ණ සැත්කම් දහසකට ආසන්න ප්‍රමාණයක් ද පසුගිය වසර තුළ සිදු කර ඇත. දිනකට බාහිර රෝගී අංශයෙන් 850කට ආසන්න ජනතාවක් ප්‍රතිකාර ලබාගන්නා අතර යම් අවස්ථාවන්වලදී ඇඳන් ධාරිතාව ඉක්මවා ද රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගනී.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (සෞඛ්‍ය තොරතුරු) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම, අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නෙලුම් සමරුතිලක, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන කැදන්ගමුව යන මහත්වරුන් ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගි වූහ.
තඹුත්තේගම – සී.එම්. ආරියපාල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok