Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඔබගේ ඉෂ්ට දෙවියන් හඳුනාගන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඔබගේ ඉෂ්ට දෙවියන් හඳුනාගන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
නැකත

ඔබගේ ඉෂ්ට දෙවියන් හඳුනාගන්න

June 29, 2025
200 Views

ඉෂ්ට දෙවියන් නමින් අප හඳුන්වනු ලබනුයේ තමාගේ දෛනික දිවියේ වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගැනීමට පිහිටට එන්නා වූ අපගේ පියවි ඇසට නොපෙනෙන විශ්වගත ගුප්ත බලවේගය වේ.

ඉෂ්ට දෙවියා නම් වූ විශ්වගත මෙම ජීවාත්ම වායුව අන් කවරකුවත් නොව, එක්තරා යුගයක මිනිස් ලෝකයේ ඉපිද නුවරක, ප්‍රදේශ පුරවරයක, ගම් පළාතක තෙද බල පා එහි වැසි දනන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ලෙඩට දුකට පිහිට වී ජීවත්ව සිටි නායකයෝ වෙති. නොමැතිනම් රැහැක, පරපුරක, පවුලක ජීවත්ව සිටිය ඥාති සමූහයෝ වෙති. එසේ නොමැතිනම් තමා පූර්ව ආත්ම භාවයන්හි චිත්තයට සමීප කරගත් දෙවි දේවතාවෝ වෙති.

ඒ කුමන අයුරකින් හෝ අප සෑම කෙනකුටම ඉෂ්ට දේවතාවෝ සිටිති. ඇතැමුන්ට ඉෂ්ට දෙවියන් එක්කෙනෙක් දෙදෙනෙක් පමණක් නොව සමූහයක් සිටිති. එහෙත් ඒ බැව් බොහේ අය නොදනිති. එහෙයින් ඉෂ්ට දේවතාවානම් වූ ආරක්ෂක බල ශක්තිය අප විසින් ලඝු කොට සිතීම එතරම් බුද්ධි ගෝචර නොවේ.

සැබැවින්ම මුළු මහත් අනන්ත විශ්වයම ඉතාම අද්භූතජනකය. එහෙයින් අපට නොදැනෙන මහා පුදුමාකාර බල ශක්තීන් සමුදායක් මෙම අසීමිත වූ විශ්වය පුරා අතුරු සිදුරු නොමැතිව පවතී. අපගේ පියවි ඇසට නොපෙනෙන විශ්ව ශක්තීන් අතර රූපමාලා ජාලයක් තරංග මාලා ලෙස පාවෙමින් පවතී. එයින් යම් ශක්ති කිරණ තරංග මාලාවක් නිබඳවම අප වටා ද දැවටෙයි. එසේ අප වටා භ්‍රමණය වන්නා වූ එම බල ශක්ති කිරණ වළල්ල වනුයේ මේ කියන ඉෂ්ට දේවතාවා නම් වූ අපගේ ගුප්ත ආරක්ෂකයා වෙයි.

එබන්ද එසේ වන විටදී මිහිමත උපන්නා වූ සෑම සත්ත්වයකුගේම ශරීරයෙන් අපගේ පියවි ඇසට නොපෙනෙන තරංග මාලා විසිහතක් (27) විහිදෙයි. මෙසේ ජීව සත්ත්ව ශරීරයෙන් දිවෙන මෙම සත්විසි කිරණ තරංග මාලාව ලොව අන් සෑම සත්ත්වයන් අබිබවා මිනිසාගේ ශරීරයෙන් නිකුත්වන කිරණ ධාරාව ඉතා ප්‍රබල වෙයි. එහිදී මිනිස් සිත අන්තයට දියුණු කළ සම්බුදු, පසේබුදු, මහරහත් ආදී උත්තමයන්ගේ ශරීරයෙන් විහිදෙන කිරණ තරංග මාලාව අපගේ පියවි ඇසට දර්ශනය වෙයි. එයින් සම්බුද්ධ නම් වූ මහෝත්තමයාණන් වහන්සේට ස්වකීය රශ්මි මාලාව සිතූ තරම් දුර ප්‍රමාණයක් විශ්වය පුරා පැතිරවීමේ හැකියාව තිබේ. බුදුරැස් මාලා යනුවෙන් අප කියනුයේ එම කිරණ තරංග මාලාවට වේ. ඒ හැර අන් අයගේ ශරීරයෙන් විහිදෙන කිරණ තරංග මාලාව අපගේ පියවි ඇසට දර්ශනය නොවේ.

එසේම මෙලොව යම් සත්ත්වයකු මාතෘ ගර්භයෙන් ප්‍රසූත වී ජීවාත්මය වායෝ භූතයා සමග බැඳී යළි කෙදිනක හෝ වායෝ භූතයාටම ඒ ජීවාත්මය භාර දී ප්‍රාණය නිරුද්ධ වී යනතුරුම මෙම සත්විසි කිරණ තරංග මාලාව අඩු වැඩි වශයෙන් ද සුබ අසුබ වශයෙන් ද ශරීරයෙන් විහිදෙයි.

එහෙයින් මිනිස් සිත පාපකාරී චේතනාවන්ගෙන් අපිරිසිදු වේ නම් ශරීර කිරණ මාලාව අසුබව විහිදෙයි. එමෙන්ම මස් මාංශ වැනි කිලි ආහාරවලින් හා සුරාවෙන් ශරීර ලේ ධාතුව අපිරිසිදු වේ නම් ශරීර කිරණ මාලාව ප්‍රභාෂ්වරය අඩු පථයක සිටියි. කිරණ ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි.

එසේම සුරාවෙන් වැළකී මස් මාංශයෙන් තොරව සිට මිනිස් සිත යහපත් සිතිවිලිවලින් පැහැබර වූ කල්හී මෙම සත්විසි කිරණ මාලාවේ ප්‍රභාෂ්වරය පුළුල්වත්, සුභවාදීවත් විහිදෙයි.

ඒ අයුරින් මිනිස් ශරීරයෙන් විහිදෙන මෙම සත්විසි කිරණ තරංග මාලාව තුළින් විශ්වයේ පවතින භූත ලෝක අටක (8) ජීවමාන වායු ආත්මයන් අපගේ ශරීරයට ඇදගැනීමේ ශක්තිය තිබේ. එහෙයින් එම භූත බල ශක්තීන් අවකාශ ලද තැන සුභ අසුභ ලෙසින් ද්විත්වව අපගේ ශරීරයට ඇතුළු වේ.

එහිදී මිනිස් ශරීරයෙන් විහිදෙන අසුභ කිරණ ඔස්සේ ශරීරයට ඇතුළුවන අසුභ ජීවාත්ම වායුවේ බලයෙන් ව්‍යසනයත්, දිළිඳුකමත් උදාවන්නා සේම, මිනිස් ශරීරයෙන් දිවෙන සුභ කිරණයන්ට ග්‍රහණය වන සුභවාදී වූ ජීවාත්ම වායුවේ බලයෙන් අපට ආරෝග්‍ය ලාභයත්, සෞභාග්‍යයත් උදා කරයි.

එසේම යම් මිනිසකු ළඟ සුභ ජීවාත්ම වායු දැවටේ නම් ඔහු වෙත අසුභ ජීවාත්ම භූත බලවේගයන්ට ළං විය නොහැකිය. මෙම න්‍යාය ධර්මය මත අපගේ පියවි ඇසට නොපෙනෙන, එහෙත් අප වටා නිබඳව භ්‍රමණය වන ආරක්ෂක කිරණ වළල්ල සුභවාදීව ශක්තිමත් කර ආරෝග්‍යලාභය හා සෞභාග්‍යය උදාකර ගැනීම නුවණට හුරු කරුණක් වේ.

ගුප්ත විද්‍යාවේදී
මිස්සක සූරියබණ්ඩාර
වෙද මහතා
0765 441136

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
අතිරේක නැකත

සතියේ සුබ නැකැත්

අතිරේක නැකත

අංක විද්‍යාවෙන් ජීවිතය දැනගනිමු

නැකත

වාස්තු විද්‍යානුකූලව භූමියේ හා ගෘහයේ පාද බෙදීම

නැකත

ගුප්ත විද්‍යාව නිවැරදිව හඳුනාගනිමු

නැකත

සෙනසුරු මාරුවයි කුම්භ රාශියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok