ආහාර පිණිස මත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස හතරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 34.3ක මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස හතරේ දී මත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 39.3ක මුදලක් වැය වී තිබුණි. ඉකුත් වර්ෂයේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී මත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ඩොලර් මිලියන 05කින් එනම් සියයට 12.7කින් අඩුවී ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ වුවද මෙම වර්ෂයේ මුල් මාස තුනේ දී මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 102.3 දක්වා සියයට 5.7කින් අඩු වී ඇත. 2024 වර්ෂයේ මුල් මාස තුනේ දී මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 108.5කි.
ලලිත් චාමින්ද