ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, දැඩිසත්කාර ඒකක උපකරණ හිඟය සහ විකිරණ පරීක්ෂණ වාර්තා කිරීමේ මෘදුකාංග පද්ධතිය අක්‍රීයවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ කටයුතු දැඩි ලෙස අඩපණව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මාස කීපයක සිට වර්ධනය වෙමින් පවතින මෙම ගැටලු හේතුවෙන් ශල්‍යකර්ම සහ විකිරණ පරීක්ෂණ සඳහා පවතින පොරොත්තු ලේඛන ඉහළ යෑමෙන් රෝගීන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි ද එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
සුජීව තත්සර