මූල්‍ය සාක්ෂරතාවය සහ කොටස් වෙළඳපොළ පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලය සහ සෙන්ෆින් සෙකුරිටීස් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ සෙන්ෆින් සෙකියුරිටීස් හි ප්‍රධාන විධායක නිලධාරී ඩී.ඒ. පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් එම විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන අරමුණ වූයේ කොටස් වෙළඳපොළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ ශිෂ්‍ය ප්‍රජාව අතර මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමයි. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු හා සෙන්ෆින් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගි වූ අයුරු ජායාරූපයෙන් දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත