මෙරට විදුලිබල උත්පාදනය මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී ගිගා වොට් පැය ඒකක 2,678කින් එනම් සියයට 1.3කින් වැඩිවී ඇති බැව් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස දෙකේ දී මෙරට විදුලිබල උත්පාදනය ගිගා වොට් පැය ඒකක 2,643කි. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී ජල විදුලිබල උත්පාදනය ගි.වො. පැය ඒකක 912ක්, ද්‍රව ඉන්ධන 283ක්, ගල්අඟුරු 797ක්, සුළං 43ක් වශයෙන් උත්පාදනය කර තිබුණි.
පෞද්ගලික අංශය විසින් සිදුකළ විදුලි උත්පාදනය ගි.වො. පැය ඒකක 643කි. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගි.වො. පැය ඒකක 465කි.
මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී ගි.වො. පැය ඒකක 758ක් කර්මාන්ත අංශය සඳහා විදුලිය අලෙවි කර තිබුණි.
ලලිත් චාමින්ද