පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනිර් මහතාට ඇමරිකානු හමුදා දින උත්සවයට ආරාධනා කිරීම පිළිබඳව ඉන්දියාව කලබලයට පත්කර තිබේ.
ඇමරිකානු හමුදාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් වොෂින්ටනයේදී විශේෂ හමුදා පෙළපාලියක් පැවැත්වෙන අතර ඒ සඳහා පාකිස්තාන හමුදාපතිවරයාට ආරාධනා ලැබී ඇත.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 79 වැනි උපන් දිනය සැමරෙන සෙනසුරාදා දිනයේ මෙම හමුදා උත්සවය පැවැත්වේ.
එසේම ඇමරිකානු හමුදාවේ ජෙනරාල් මයිකල් කුරිල්ලා පාකිස්තානය ත්‍රස්ත මර්දනය සඳහා වැදගත් මෙහෙයක් කරන රටක් ලෙස හඳුන්වාදීම ද දිල්ලි ආණ්ඩුව කනස්සල්ලට පත්කර තිබේ.
පාකිස්තාන හමුදාවට ඇමරිකානු හමුදාවෙන් ලැබෙන සහය ඉන්දියාවේ සිත්තැවුලට හේතුවක් වී තිබේ.
චතුර පමුණුව