අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ලබන 23 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ඊයේ (13දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
වංචා දූෂණ රැසකට සම්බන්ධව වරදකරුවෙකු වී සිටි රැඳවියකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය 08දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.