කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල කැපී පෙනෙන කඩාවැටීමක් ඊයේ (13දා) වාර්තා විය.
ඒ අනුව ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17427.02ක් දක්වා ඒකක 234.37කින් පහත වැටී ඇත. එසේම එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද ඒකක 5191.86ක් දක්වා ඒකක 83.15කින් පහත වැටී තිබේ.
මේ වනවිට ඊශ්‍රායලය හා ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් ගෝලීය අස්ථායි තත්ත්වයක් මතුව ඇති අතර එය ආසියානු කලාපයේ සියලු කොටස් වෙළෙඳපොළවල මිල දර්ශකවල පසුබෑමකට ද හේතු වී තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත