Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිලන්තට නීති පියවර ගැනීම කඩිනම් කරන්න – පෙත්සම්කරුවන්ගේ නීතිඥ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිලන්තට නීති පියවර ගැනීම කඩිනම් කරන්න – පෙත්සම්කරුවන්ගේ නීතිඥ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නිලන්තට නීති පියවර ගැනීම කඩිනම් කරන්න – පෙත්සම්කරුවන්ගේ නීතිඥ

June 13, 2025
421 Views

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානි මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්විසා මීගල් මහත්මිය ඊයේ (12දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඔහුට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් විනය පරීක්ෂණයක් පැවැත්වීම එකී නීතිමය පියවර ගැනීමට කිසිදු බාධාවක් නොවන බවද නීතිඥවරිය කියා සිටියාය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා පියතුමා හා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය තරුණයකුගේ පියා වන සුරාජ් නිලංග මහතා ගොනු කර තිබූ පෙත්සම මායාදුන්නේ කොරයා හා මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එම විනය පරීක්ෂණය අවසන් වනතුරු පෙත්සම් විභාගය කල්තබන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. වගඋත්තරකරුට එරෙහිව විනය පරීක්ෂණය ආරම්භ කොට ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට තහවුරු කළේය.

විනය පරීක්ෂණය සහ අපරාධ පරීක්ෂණය අතර සම්බන්ධතාවක් නොමැති බවත් විනය පරීක්ෂණය ආරම්භ කළේ ද සිය සේවාදායකයන් මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව බවත් කියා සිටි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය විනය පරීක්ෂණයක් පවත්වා රාජකාරි පැහැර හැරීමට එරෙහිව විනයානුකූලව පියවර ගැනීම පෙත්සම්කරුවන්ගේ එක් ඉල්ලීමක් පමණක් බව පැවැසුවාය.

“ඇයි හදිස්සි වේනනේ විනය පරීක්ෂණයේ නියෝගය එනකම් බලමු නේ” දැයි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරියට ප්‍රකාශ කළේය.

“ස්වාමිනී මේක 2019 වසරේදී සිදුවූ දෙයක්. නමුත් මේ වනතුරු එම වගඋත්තරකරුට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ” යැයි නීතිඥ අර්විසා ටීගල් මහත්මිය විනිසුරු මඬුල්ලට පැවැසුවාය. නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩුවක් ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත්නම් එකී තීරණය අවලංගු කරනා නියෝගයක් කරනා ලෙසට ද නීතිඥවරිය විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියාය. සිය දෙපාර්තමේන්තුව එවැනි තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට පැවැසීය.

පාස්කු ප්‍රහාර මාලාව මැඬපැවැත්වීමට පියවර නොගැනීමට එරෙහිව නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක නිලන්ත ජයවර්ධන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කර තිබූ බවත් යමකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට නම් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්‍ෂි ඇත්දැයි නඩු මෙහෙයවන නීතිපතිවරයා සීහිමට පත්විය යුතු බවත් එහිදී අධිකරණයට පැවැසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නිලන්ත ජයවර්ධන අපරාධ නඩුවක විත්තිකරුවකු කරන්නේ ද නැති ද කියා නීතිපති දෙපාර්තමේන්තුව තවම තීරණය කර නැතැයිද වැඩිදුරටත් පැවැසීය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok