මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වන නඩුවේ සාක්ෂිකරුවකුට දුරකථනයෙන් තර්ජනය කළ බව කියන එම නඩුවේ වගඋත්තරකාර යුද හමුදා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු ලබන 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය පෙරේදා (11දා) නියම කළාය.
මෙලෙස බන්ධනාගාරගත කළේ බත්තරමුල්ලේ පදිංචි ශම්මි අර්ජුන කුමාරරත්න නමැත්තෙකි. මෙම නඩුවේ සාක්ෂිකරුවකු වන ත්‍රිකුණාමලය ඊච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර් නමැති අය විසින් අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව දුරකථන ඇමතුම් විශ්ලේෂණය කර එම වාර්තාව සමග සැකකරු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද (13) විභාගයට ගැනීමට නියමිත මෙම නඩුවට සැකකරු ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය ත්‍රිකුණාමලය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ