පසුගිය කාලය තුළ බන්ධනාගාරවල පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් බන්ධනාගාර 28ටම අදාළ විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත.
අනුරාධපුර බන්ධනාගාරය මගින් සිරකරුවකු මුදාහැරීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබූ සිරකරුවකු නිදහස් කර ඇති බවට අනාවරණය වීමත් සමගය.
මෙම සිදුවීම මුල් කරගෙන බන්ධනාගාරවලින් සිරකරුවන් පොදු සමාව යටතේ මීට පෙරද මුදාහැරීමේදී අනුමැතිය නොලැබූ සිරකරුවන්ද නිදහස් කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
චමින්ද සිල්වා