මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් නවදෙනකුට එරෙහිව පළමු වන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණවලට අදාළ බැංකු වාර්තා මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා, ලබන දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (12දා) නියෝග කළාය.
එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රසික් සරුක් හා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක