බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ඊයේ (12දා) සිට පත්කර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ගාමිණී බී. දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් වීමට අදාළ ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත ලබාදීමෙන් පසු නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ජගත් වීරසිංහ මහතා පත්කර තිබේ.
වෙසක් පොහෝ දින අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් මතුවී තිබෙන අතරතුර දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී ඇත. ගාමිණී බී. දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන සමයේ මාධ්‍ය සමග සුහදශීලීව රාජකාරි කටයුතු කරගෙන ගිය නිලධාරියෙකි.
චමින්ද සිල්වා