නව නගරාධිපතිට සජබත් සහාය දෙයි
මඩකලපුව මහ නගර සභාවේ නගරාධිපති ධුරයට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නගරාධිපති අපේක්ෂක සිවම් පාක්කියනාදන් මහතා තේරී පත්ව තිබේ.
ඒ මහතාට සමගි ජනබලවේගයේ ද සහාය හිමිව තිබේ.
ජාතික ජන බලවේග රජයේ ඇතැමුන් ඔවුන්ගේ අපේක්ෂකයාට සහාය ලබා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කළ බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
සුජීව තත්සර