විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
සමස්තයක් ලෙස සියයට පහළොවකින් විදුලි බිල වැඩිවූ බවට මහජන උපයෝගීතා කොමිසම පැවසුවත් ඒකක තිහත් හැටත් අතර පාවිච්චි කරන පිරිසට සියයට තිස්තුනයි දශම තුනයි තුනකින් විදුලි බිල වැඩි වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය.
මාලිමාව බලයට පත්වීමට පෙර පැවසුවේ සියයට තිස්තුනකින් විදුලි බිල අඩු කරනවා කියලයි. නමුත් දැන් මධ්‍යම පාන්තිකයන්ට සීයට තිස්තුනක් වැඩි කරලා යයිද හෙතෙම කීවේය.
මෙච්චර දවසක් ඒකක තිස් එක සහ හැට අතර කාණ්ඩයෙන් එක් විදුලි ඒකකයක් සඳහා අය කළේ රුපියල් හයයි. නව සංශෝධනයෙන් එය රුපියල් 8ක් වෙලා. මාසික ගාස්තුව තිබ්බේ එම කාණ්ඩයට අදාළව රුපියල් 200යි. එය දැන් දෙසිය දහයක් කරල. රුපියල් හයක් තිබ්බ ඒකකය රුපියල් 8ක් දක්වා වැඩිවන විට ප්‍රතිශතයක් ලෙස බැලුවොත් ඒක 33.33% වෙනවා. මේක මධ්‍යම පාන්තිකයන්ට සුළු කර්මාන්තකරුවන්ට දැඩි අසාධාරණයක්.
අනුරාධ හිරිපිටියගේ