ඒකක 0-30 අතර කාණ්ඩයෙන් මෙතෙක් දිනක් එක් ඒකකයකට අය කළ රුපියල් හතරක මුදල අද සිට රු.4.50ක් වෙයි. රුපියල් හැත්තෑ පහක් වූ එම කාණ්ඩයේ ස්ථාවර මාසික ගාස්තුව රුපියල් 80 දක්වා වැඩිවෙන තත්වයක් පවතී.
ඒකක 31-60 අතර කාණ්ඩයේ ඒකකයක් සඳහා අය කළ රුපියල් හයක් වූ මිල රුපියල් අට දක්වා ඉහළ යයි. එම කාණ්ඩයේ රුපියල් දෙසීයක් වූ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 210 දක්වා වැඩිවී තිබේ.
ඒකක 61-90 ගෘහස්ථ කාණ්ඩයේ ඒකකයක් සඳහා මෙතෙක් අය කළ රු. 14 ක මිල රු.18.50 දක්වා වැඩිවී ඇත. රුපියල් හාරසීයක් වූ එම කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුවේ වෙනසක් වී නැත.
ඒකක 91-120 අතර පැවති ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් විස්සක් වූ ඒකකයක මිල රු.24 දක්වා වැඩි වී ඇත. රුපියල් දහසක් වූ මාසික ස්ථාවර ගාස්තුව එම කාණ්ඩයේ වෙනස් නොවෙයි.
ඒකක 121-180 කාණ්ඩයේ ඒකකයක් සඳහා අය කළ රුපියල් තිස්තුනක මුදල රුපියල් 41 දක්වා වැඩි වී තිබේ. රුපියල් 1500ක් වූ මාසික ස්ථාවර ගාස්තුව වෙනස් නොවේ.
ඒකක 180ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් පනස් දෙකකට පැවති ඒකකයක මිල රු. 61 දක්වා වැඩිවී ඇත. එම කාණ්ඩයේ රුපියල් දෙදහසක් වූ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් දෙදහස් එකසීය දක්වා වැඩි වී ඇත.
අනුරාධ හිරිපිටියගේ