විශ්‍රාම ගිය සහ මියගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දසදෙනකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.
ජී.එම්. සැන්ඩර්ස්, කේ.එම්.එස්.ආර්. කොඩිතුවක්කු, ප්‍රේමලාල් රණගල, සී.ඊ. එදිරිසිංහ, ඩබ්ලිව්.එම්.එල්. වීරසේකර, උපාලි ගල්ගමුව, ඩබ්ලිව්.එල්.එස්. සෝමවීර, ඩබ්ලිව්.ඩී. කොමසාරු, එෆ්.එස්.කේ. ජෝශප්, බී.සී.ජේ.ඩී. විජේවර්ධන (ජීවතුන් අතර නැත.) මහත්වරුන් මෙසේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් විශාල පිරිසකට මේ ආකාරයට උසස්වීම් පිරිනැමීම පොලිස් ඉතිහාසයේ මුල්වරට සිදුවී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම උසස්වීම් සඳහා ජාතික පොලිස් කොමිසමේද අනුමැතිය හිමි වී ඇත. නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මෙසේය.
හේමන්ත රන්දුණු