විශේෂ මදුරු මර්දන සතිය තුළ (ජුනි මස 30 – ජූලි මස 05) රට පුරා විවිධ පරිශ්‍ර එක්ලක්ෂ තිස්දහස් හත්සිය පහක් පරීක්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එමෙන් ම, මෙම කාලය තුළ ඩෙංගු කීටයන් බෝවිය හැකි සේ පවත්වාගෙන ගිය පරිශ්‍ර තිස්එක්දහස් හත්සිය දහයක් හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය කියයි.
එසේම, මදුරු කීටයන් සිටි ස්ථාන තුන්දහස් නවසිය විසිහතරක් ද මෙම කාලය තුළ සොයාගත් බව එම ඒකකය පවසයි.
මෙම කාලය තුළ ඩෙංගු මදුරු කීටයන් බෝ වන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221 ක් සොයාගන ඇතැයි ද එම ඒකකය පවසයි.
ඩෙංගු පැතිරවීම සම්බන්ධයෙන් පරිශ්‍ර 73ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කර ඇතැයි ද එම ඒකකය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්