Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාවහන් ආනයනය නතර කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාවහන් ආනයනය නතර කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාවහන් ආනයනය නතර කරන්න

July 7, 2025
170 Views

පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති
පාවහන් මුවාවෙන් මත්කුඩුත් ගේනවා
රටට අවශ්‍ය පාවහන් රට තුළම හදනවා:

පාවහන් ගෙන්වන මුවාවෙන් රේගුව හරහා රට තුළට මත්කුඩු ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන එන බවත් රටට අවශ්‍ය පාවහන් රට තුළම නිපදවන නිසා පාවහන් ආනයනය නතර කරන ලෙසත් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නෙවිල් පෙරේරා මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ජාවාරම්කරුවන් විසින් මත්කුඩු ඇතුළු තහනම් ද්‍රව්‍ය පාවහන් මුවාවෙන් රටට ගෙනඒම නිසා සැබෑ පාවහන් නිෂ්පාදකයන් ලැජ්ජාවට පත්වන බවද නෙවිල් පෙරේරා මහතා කීය.

මෙවැනි ජාවාරම්කරුවකු ලෙස සැකකරන පුද්ගලයකු පසුගිය 3දා කුෂ් නමැති මත්ද්‍රව්‍ය රේගුව හරහා රටට ගෙනඒමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවත් එම පුද්ගලයා පාවහන් නිෂ්පාදකයකු බවට හඳුන්වාදී ඇතත් ඔහු පාවහන් නිෂ්පාදකයකු නොව ආනයනකරුවකු බව දැනගන්නට ලැබී ඇති බවත් ඔහු කීය.

මෙවැනි පුද්ගලයන් නිසා සැබෑ පාවහන් ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්වන බවත් රටට පාවහන් ආනයනය කිරීමට කාට හෝ අවශ්‍යතාවක් තිබේ නම් ඔවුන්ට නීත්‍යනුකූලව පාවහන් ආනයනය කිරීමට බලපත්‍රයක් අනිවාර්ය කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය. එසේ නොකර ඕනෑම අයකුට පාවහන් ආනයනය කිරීමට හැකි නිසා පාවහන් ගෙන්වන මුවාවෙන් විවිධ ද්‍රව්‍ය රටට ගෙන්වන බවක් මෑතකදී පාවහන් නමින් කහ කන්ටේනරයක් ගෙන්වා තිබියදී රේගුව මගින් සොයාගෙන තිබූ බවත් ඔහු කීය. පාවහන් මුවාවෙන් ගෙන්වා තිබූ එවැනි කන්ටේනර්වල තිබී අවස්ථා කිහිපයකදීම තහනම් ද්‍රව්‍ය සොයාගෙන ඇති බවද හෙතෙම පැවැසීය.

මෙවැනි ජාවාරම් නිසා රටට ලැබිය යුතු ආදායම අහිමි වන බව කී ඒ මහතා රටේ බිත්තර, සහල්, බඩඉරිඟු ඇතුළු විවිධ භාණ්ඩ සම්බන්ධයෙන් ගැටලු මතුවුවත් පාවහන් නැතැයි කුමන හෝ ප්‍රදේශයකින් විරෝධතාවක් වාර්තා වී නැතැයි ද කියා සිටියේය.

එම නිසා රටේ බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් ලෙස පාසල් පාවහන් ඇතුළු අනෙකුත් පාවහන් රටේ නිෂ්පාදනය කරන බැවින් නිමි පාවහන් රටට ගෙන්වීම නවතා දැමීමෙන් ඒ මුවාවෙන් රටට අනීතික ද්‍රව්‍ය ගෙනඒම ද වළක්වාගත හැකි බව යැයි ද ඒ මහතා පැවැසීය.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok