ලිපිගොනු සොයා ගැනීමට නොහැකි වීම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 455ක් භෞතිකව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බැව් වාරිමාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් වාහන 1997 ක් ලියාපදිංචි කර තිබුණි. එහෙත් භෞතිකව හඳුනාගෙන ඇති වාහන සංඛ්‍යාව 1159කි. දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පරිහරණය කරනු ලබන්නේ වාහන 999කි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් ලියාපදිංචි වී ඇති වාහන 1997 අතුරින් වාහන 438ක් අපහරණය ක්‍රියාවලිය මගින් බාහිර පාර්ශ්වයන් වෙත විකුණා ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
ලලිත් චාමින්ද