ගිය වසරට වඩා ඩොලර් මිලියන 29.5ක වැඩි වියදමක්
සහල් ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) ජනවාරි මස සිට මැයි මස දක්වා කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 58.1 මුදලක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
ඉකුත් වර්ෂයේ (2024) මෙම කාලසීමාවේදී සහල් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 28.6ක මුදලක් වැය කර තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල්මාස පහට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස පහේ දී සහල් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 29.5ක මුදලක් වැඩිපුර වැය වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්ය.
ලලිත් චාමින්ද