මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ 2025/ 2026 නවක නිලධාරි මණ්ඩලය සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය 2025 ජූලි 01 වැනි දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. විද්‍යාලයීය විදුහල්පතිනි නයෝමි දසනායක විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිනියන්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් හා මාධ්‍ය ඒකකයේ ශිෂ්‍යාවන් සහභාගි විය.




