දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, එගොඩ උයන ඇතුළු මෙරට වෙරළ තීරය ආශ්‍රිතව ජීවත් වන ගර්භණී මව්වරුන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් සහ ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙරට මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන වෙරළ තීරය ආශ්‍රිතව මෙම මව්වරුන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමටත්, ඒවා භාවිත කිරීමටත් හුරුව සිටීම සෞඛ්‍ය අංශවලට බරපතළ ප්‍රශ්නයක්ව ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.
මෙම බොහෝ මව්වරුන් නිසි පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සායන සඳහා ලියාපදිංචිවීම හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණීම හෝ සිදු නොකරන බවත්, මේ නිසා එම ගර්භණී මව්වරුන්ට අවශ්‍ය කරන නිසි වෛද්‍ය උපදෙස් ලබාදීම දුෂ්කර වී ඇති බවත් වෛද්‍යවරයා පවසයි.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ ගර්භණී මව්වරුන් පුනරුත්ථාපනය කිරීමටත්, ඔවුන් රැකබලා ගැනීමටත් සෞඛ්‍ය හා සමාජ සුබසාධක අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළක් කඩිනමින් සැකසිය යුතු බවත්, මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශවල සහාය ද අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර