දැක්ක ගමන් ඇත්ත කියලා හිතන්න එපා
ඒ. අයි. තාක්ෂණය අවභාවිත කරමින් පුද්ගලයන්ගේ කටහඬ ඒ අයුරින් සකසා වට්ස්ඇප් හරහා මුදල් එකතු කිරීමේ ජාවාරම් පිළිබඳ පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
මේ වනවිට ඒ. අයි. තාක්ෂණය අවභාවිත කරමින් කරන ජාවාරම් සම්බන්ධ විකෘති වීඩියෝ පිළිබඳ පැමිණිලි ගණනාවක් එම දෙපාර්තමේන්තුව වෙත මේ වනවිට ලැබී තිබේ.
සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප, වීඩියෝ ආදිය දුටු පමණින් ඒවා සත්‍ය ඒවා කියා විශ්වාස නොකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පාසල් දරුවන්, කාන්තාවන් ඉලක්ක කර සාමාන්‍ය ඡායාරූප විකෘති කර ලිංගික අල්ලස් ගැනීමේ උත්සාහයන්, බියවැද්දීම් ආදිය වාර්තා වී ඇතැයි ද පැවසේ.
එනිසා තම තමන්ගේ පෞද්ගලික තොරතුරු, සංවේදී ඡායාරූප ආදිය වෙනත් පාර්ශ්ව වෙත ලබාදීමේදී කල්පනාවෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ ආකාරයෙන් ඒ. අයි. තාක්ෂණය හා සමාජ මාධ්‍ය මගින් කරන නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ අයට නීතිමය පියවර ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්