කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳව දැනුම්දීම සඳහා 011-2696594 යන විශේෂ දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
ඒ අනුව මෙම අංකයට අදාළ තොරතුරු දැනුම් දියහැකි බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.
කොළඹ නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය 03දා ආරම්භ කළ අතර, ඒ සඳහා කණ්ඩායම් 60ක් පත්කර ඇති බවද සඳහන් වේ.
මේ අතර, වසරේ ගත වූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් ඩෙංගු රෝගීන් 2,576ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි
සුජීව තත්සර