තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අසභ්‍ය වචන (කුණුහරුප) භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තම අදහස් බෙදාගැනීමට යහපත් භාෂාවක් භාවිත කරන ලෙස එම මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අසභ්‍ය භාෂාව භාවිත කිරීමෙන් අදහස් දක්වන පුද්ගලයාගේ චරිතයට හානි සිදුවන බව පෙන්වාදෙමින් ඉදිරියේදී අසභ්‍ය වචනවලින් සටහන් තබන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද එම මූලස්ථානය කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්