ලබන 20 වැනිදා සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවාව ලබා ගැනීමට හැකි වන පරිදි එරටේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත.
මේ තානාපති කාර්යාලය විවෘත කිරීමට සයිප්‍රස් රජයේ ද අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යාංශයෙන් පත් කළ දූත මණ්ඩලය ලබන 15 වැනිදා එරට බලා පිටත්ව යෑමට නියමිතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා කියා සිටියේ, නිරන්තරයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට තීරණය කළ බවයි. මෙම කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සේවය කරන අතර නව රැකියා අවස්ථා සහ වෙළෙඳ ආයෝජන වැඩි කරගැනීමට කටයුතු කළ හැකි වනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයින් 15,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර වසර කිහිපයකට පෙර එහි ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය වසා දමන ලදි. ඒ හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවය ලබා ගැනීම සඳහා තුර්කියේ අන්කාරා තානාපති කාර්යාලයට යොමු වීමට සිදුව තිබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත