දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමු කරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ සඳහා වන යෝජනාව මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බවත්, අනුමැතිය ලැබීමෙන් පසු දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා එරටට යොමු කරන බවත් එම කාර්යාංශයේ සභාපති, කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මේ වන විට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර ඇති බවද ජූලි 10 වැනිදා අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇති බවද ඒ මහතා පවසයි.
අදාළ බඳවා ගැනීම් සිදුකරන්නේ රජයෙන් පමණක් වන අතර, පෞද්ගලික අංශයට ඒ සඳහා අවසර නොමැති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර