මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් නොමැති බැවින් එම ඖෂධ පෞද්ගලික ඖෂධසල්වලින් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රෝගීහු පවසති.
ඇතැම් ඖෂධසල්වල ද එම ඖෂධ නොමැති බව ඔවුහූ කියති.
පිළිකා රෝගීන්ට ශරීරයේ සුදු රුධිරාණු වර්ධනයට ලබාදෙන නයිට්‍රජන් එන්නත මෙලෙස පිටත ඖෂධ වෙළෙඳසල්වලින් ලබාගැනීමට රුපියල් දහසයදහසක් පමණ වැය වේ. නමුත් එන්නත පිටතින් මිලදී ගැනීමට වත්කමක් නොමැති නිසා රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
අප මේ සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් විමසූ විට කියා සිටියේ බෙහෙත් වර්ග කීපයක හිඟයක් ඇති බවයි. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත් ගැටලුව කඩිනමින් විසඳීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර